දහම් පාසල

අපදාන සොභිනී පඤඤා

apadhana sobini panna

තරගකාරි අධ්‍යාපන රටාවක නියැලෙමින් සිටින දූ දරුවන්ගේ බෞද්ධ චර්යා ධර්ම හාඅඩ්‍යාපත්මික ගුණවගාව කිරමින් පිළිබඳ දැනුම,ආකල්ප ලබා දෙමින් වසර 75 ක් මුළුල්ලේ දස දහස් ගණනක ශිෂ්‍ය ප්‍රජාවකට මග පෙන්වා දී ඇති මාතර ,වල්පොල ශ්‍රී මංගල දහම් පාසල මෙරට ඉහළින්ම වැජඹෙන ධර්ම විද්‍යාලයන් අතර ප්‍රමුඛස්ථානය ගනී.

දැක්ම

“අතීත අත්දැකීම් ඇසුරින් පන්නරය ලබා වර්තමානයේ විසඳුම් සොයා අනාගත අභියෝග ජයගන්නා බොදු දරුවෙක්.”

මෙහෙවර

“ගුණ නැණින් පිරිපුන් දැනුම, ආකල්ප ,කුසලතා සහිත අටලෝ දහමින් අකම්පිත අනාගත අභියෝග මනැසින් දැක නායකත්වය දෙවුරට ගෙන පරෝපකාරී දරුවකු සමාජයට දායාද කිරීම.”

නව තොරතුරු

වර්තමානයේ දහසකට ආසන්න සිසු පිරිසකගේ නැණ නුවණ වර්ධනය කරලීමට නිස්සරණාධ්‍යාශයෙන් කැපවුණු 35 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් සමඟින් කටයුතු කරමින් සිටින අප , නුදුරු අනාගතයේදී ඉංග්‍රීසි මාධ්‍ය තුළින්ද ඇවැසි දහම් දැනුම ලබාදීමට අවශ්‍ය කරන කටයුතු සකසමින් සිටී

එක්වන්න

ප්‍රධානාචාර්‍ය හිමි

වර්ෂ 1961 සැප්තැම්බර් මස 16 වන දින කැළණියේදී උපත ලැබ වර්ෂ 1974 සැප්තැම්බර් 19 දින සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේදී පැවිදි භූමියට ඇතුළත් වන කැළණියේ අජිත හිමිපාණෝ 1983 වර්ෂයේ රත්නපුර මුද්දුව පිරිවෙනේදි උතුම් උපසම්පදා භූමීයට ඇතුළත් විය.
මූලික අධ්‍යාපනය මාතර වල්පොල සිරිමංගල පරිවේනස්ථානයෙන් හදාරා තවදුරටත් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙනට ඇතුළත් විය.
වසර 1979 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුලත් වන උන්වහන්සේ එහිදී ත්‍රිපිටකවේදී ගෞරව උපාධියත්, වර්ෂ 1984 දි කැළණිය විශ්ව ව්ද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් ලබා ගැනීමෙන් අනතුරුව වර්ෂ 1989 දී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගන්නා ලදී.
වසර 1990 ජා ඇළ නිවන්දම මූලික පිරිවෙනෙහි ආචාර්යවරයකු වශයෙන් ගුරු සේවයට පිවිසෙන උන්වහන්සේ වර්ෂ 1993 දී පාසල් ගුරු සේවයට ඇතුළත් විය. එතැන් පටන් මේ දක්වා දුවා දරුවන් විශාල ප්‍රමාණයකගේ නැණ නුවණ පාදමින් වර්තමානයේ මාතර පඹුරණ ශාරිපුත්‍ර විද්‍යාලයෙහි සේවයේ නියුතුව වැඩ වාසය කරනු ලබයි .
වර්ෂ 2017 දී සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයෙහි විහාරාධිකාරි ධූරයටපත් උන්වහන්සේ එම වසරේම ශ්‍රී මංගල දහම් පාසලෙහි ප්‍රධානාචාර්‍ය ධූරයට පත්වූ ,එම තනතුරෙහි කටයුතු මනාව ඉටු කරමිනි සිටියදී හදිසියේම අපවත්වූ බලංගොඩ ශාන්තසිරි හිමියන්ගෙන් පුරප්පාඩු වූ ප්‍රධානාචාර්‍ය ධුරයේ වගකීම්ද ඉටුකරමින් සිටී .

අමතන්න

අපගේ ඉතිහාසය

මාතර ශ්‍රී ධර්මවංශ හිමිපාණන් වහන්සේගේ අදහසකට අනුව තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තම නිකායට අයත් විහාරස්ථානවලට පිටත් කර හැරියේ එම විහාරස්ථානවල ආගමික සමාජයිය කටයුතු සිදු කිරීම සදහාය .මඩිහ ශ්‍රී ධර්මවංශිකාරාම විහාරස්ථානයේ වැඩසිටි පූජනීය වලස්ගල මයුරවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම පිණිස ශ්‍රී ධර්මවංශික දහම්පාසල ආරම්භ කරන ලදී.එම කාලය තුළ ,එනම් 1943දී පමණ මඬිහ ප්‍රදේශයේ වැඩසිටි පූජ්‍ය වලස්ගල මයුරවංශ හිමිපාණන්ට වල්පල ප්‍රදේශයේ දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනයේ අඩුවක් ඇති බව වැටහී ඇත .එයට පිළියමක් වශයෙන් සිරිමංගල පිරිවෙන තුළම දහම් පාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී .ඒ අනුව ගුරුදේවයන් වූ මාතර ශ්‍රී ධර්මවංශ මහනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1944 ඔක්තෝබර් මස 01 වැනිදා රජයේ ලියාපදිංචි කොට දහම් පාසලක් ආරම්භ කරන ලදී.
ශ්‍රී මංගල දහම් පාසල ලෙස නම් කළ එය ගුරුවරුන් 06 දෙනෙකුගෙන් ආරම්භ කර ඇත .දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වශයෙන් මාතර ශ්‍රී ධර්මවංශ මහ නාහිමියන් පත් විය. ඉන් පසු එම තනතුරට වලස්ගල පුණ්ණජි මයුරවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් විය.පසුව 1974 දී පූජ්‍ය වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම තනතුරේ කටයුතුවල නිරත විය . එතැන් සිට 2014 වසර දක්වා කටයුතු කරමින් සිටින අතරතුර වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාතර කඩවත් සතර බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ධුරයට පත්වීමත් සමග ශාස්ත්‍රපති බලංගොඩ ශාන්තසිරි හිමියන් දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ධුරයට පත්විය. 2017 වසරේ අගොස්තු මස 13 වන දා උන්වහන්සේ අපවත්වීමත් සමග පුරප්පාඩුවක් වූ එම ධුරයට ශාස්ත්‍රපති පූජ්‍යපාද කැලණියේ අජිත හිමියන් වෙත පැවරුණු අතර අද දක්වා උන්වහන්සේ දහම් පාසලේ ප්‍රධානාචාර්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.

අමතන්න

Warning: include(errors/html/error_php.php): failed to open stream: No such file or directory in /home/sirimang/public_html/core/system/core/Exceptions.php on line 268

Warning: include(errors/html/error_php.php): failed to open stream: No such file or directory in /home/sirimang/public_html/core/system/core/Exceptions.php on line 268

Warning: include(): Failed opening 'errors/html/error_php.php' for inclusion (include_path='.:/opt/cpanel/ea-php74/root/usr/share/pear') in /home/sirimang/public_html/core/system/core/Exceptions.php on line 268